ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයක කටයුතු නිරීක්ෂණය කිරිමට අද (31) එක් විය.
පෙර දැනුම් දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙනි.
සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද කටයුතු කළේය.
එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකුගේ ද තොරතුරු විමසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.
එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට