කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් එළැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.
බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් බොහෝ පිරිස් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද රත්නායක මහතා කීවේය.
මේ හේතුවෙන් බොහේ වෙළඳසැල්වල හොර අරක්කු මෙන් බිත්තර සඟවා අළෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් කර්මාණ්තය අනතුරකට ලක්ව ඇති බවත් කුරුලු උණ ඇතුලු ලෙඩ රෝග යලි පැතිරීමේ අවධානමක් පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට