2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ අවස්ථාවේ ඔහු අමෙරිකන් පුරවැසියකු බවට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් මැදිහත් වී ඔහුගේ අපේක්ෂකත්වය අවලංගුකිරීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නොතිබූ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඒ වන විට අමෙරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා තමන් උපකාර කල බව පවසමින් පිරිසක් තමන්ගේ නිවාස ගිනිබත් කිරීම සඳහා අරගල සමයේ සූදානමින් සිටි බවත් ඔහු සඳහන් කළේ Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දේශප්‍රිය මහතා පවසන්නේ එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සත්‍ය වශයෙන්ම අමෙරිකන් පුරවැසියෙකු වුවා නම් ඒ සම්බන්ධයෙන් විරෝධය පල කිරීම සහ අධිකරණය හමුවේ එම කරුණු තහවුරු කිරීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සෙසු අපේක්ෂකයින්ගේද වගකීමක් වූ බවයි.
කෙසේ වෙතත් අදටත් අදාළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකන් පුරවැසි භාවයක් තිබුණේ යැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරූ මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා මෙම සිදුවීමට අදාළ වගකීම පැහැර හරින ලද බවට එවකට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට චෝදනාවක්ද එල්ල කරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි