වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොමැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටත් ජාතියත් විනාශ කරන අය පිළිබඳව ජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය දින කිහිපයේ රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණ අතර මෙවැනි උද්ඝෝෂණ ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රදර්ශනය කරන විට නැවත අපේ රටට සංචාරකයින් පැමණීම නතර වනු ඇතැයි ද සංචාරක හෝටල් හිමියන්, සංචාරක ව්‍යාපාරයේ නිරතව ඉන්න අය මෙවැනි අයට විරුද්ධව හඬ නැගිය යුතුව තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට