ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් පසුගිය මාස කිහිපයේ පැවති ආර්ථික දුෂ්කරතා වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා තරමක් අඩු වී ඇති බවද ජනාධිපතිවරයා කීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.
ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට