ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරු ප්රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්