අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විදේශයන්හි රැකියා සඳහා යවන බව කියමින් තරුණයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ එවැනි තනතුරක් නොදරන මොහු කාලයෙන් කාලයට විවිධ ප්‍රදේශවල ගැවසෙමින් මෙවැනි ආකාරයට මුදල් වංචා කිරීමේ නිරතව සිටින අයකු බවට තොරතුරු හෙළි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මොහුට මෙවැනි ආකාරයට මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී අධිකරණය මඟින් ඇප මත මුදා හැර සිටින අයකු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය
බදුල්ල ලුණුගල ප්‍රදේශයට මීට දින කිහිපයකට ඉහත දී පැමිණ ඇති මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක ලැගුම්ගෙන සිටි අතරවාරයේ එහි සේවය කරන තරුණයකු දැන හඳුනා ගෙන ඔහුව විදෙස් රටක රැකියාවකට යවන බව පවසා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි
නවාතැන් පොලේ මොහුලැගුම්ගෙන සිටි දින දෙකක කාලය ඇතුලත කෑම බීමලබාගැනීම වෙනුවෙන් සහ කාමර කුලිය වූ රුපියල් 36000 ක මුදලක් ද ගෙවීම පැහැර හැර ඇති බව දපොලිසිය සඳහන් කරයි
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට