සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව පසුගිය කැබිනට් හමුවේ දී සාකච්ඡාවට ලක්කිරිමට නියමිතව තිබුණද එය මෙම සතියේ දී සාකච්ඡාවට ලක්කිරීමට තීරණය කර තිබුණි.
මේ අතර විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම ලබන අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව විදුලිය පාවිච්වි කරන්නන්ගේ සංගමය පවසයි.
මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් මෙම පෙත්සම සඳහා අත්සන් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.
ඒ අනුව අද පෙරවරුවේ එහි නියෝජිතයින් විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙත භාරදීමට නියමිතය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි