අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අක්කරෙයිපත්තුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 21 වෙනිදා අලුයම් කාලයේදී මෙම තිදෙනා අලුයම 2.00ත් 4.00 අතර කාලය තුළ අධිකරණ භූමියට පිටුපස පැත්තෙන් ඇතුළු වී මෙම ගිනි තැබීම කර ඇත්තේ පෙට්ට්‍රල් වත්කර බව ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත.
නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම යුද්ධය පැවති සමයේ කරුණා අම්මාන් පාර්ශවයේ හිටපු ප්‍රධානියෙක් විසින් ලබාදුන් රුපියල් 50,000ක කොන්ත්‍රාත්තුවකට තමන් උසාවියේ ලේඛනාගාරය ගිනි තැබූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් අක්කරෙයිපත්තුව සහ ඒ අවට පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 20ත් 17ත් අතර වයසේ පසුවන්නන් බව පොලීසිය කියයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට