දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු, නැගෙනහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50, 60 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට