Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ වසරේ IMF ණය නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුව අමතරව රැස්වීමක් කැඳවා තිබුණා එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.

About The Author