බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීම ද මෙයට ප්‍රධාන හේතුවක් බව සඳහන්ය. මේ හේතුවෙන් වනසතුන් නිවාස කරා ඇදී ඒම පළාත තුළ ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් වඳුරන්, උගුඩුවන්, කලවැද්දන්, නරියන් වැනි සතුන් නාගරීකරණ ප්‍රදේශ වෙත ඇදී එම ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
එහිදි එම සතුන් විවිධ අනතුරුවලට ලක්වීමත් සමග ඔවුන්ගේ ජීවිත තර්ජන ද ඉහළ ගොස් තිබේ.
මෙලෙස අනතුරට ලක්ව බෙල්ලන්විල අත්තිඩිය වනජීවි පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ වන වනසතුන් බොහෝ පිරිසක් යාල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර වියළි කලාපය තුළ වනඅලින් වැඩි වශයෙන් ජීවිත තර්ජනයකට ලක්ව තිබේ.
ඒ අනුව පසුගිය වසරට සාපේෂව මේ වසර තුළ වනඅලින් මියයාම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ මිනිස් ක්‍රියාකාරකම් හා විවිධ අනතුරු හේතුවෙන් වන අලින් 375 දෙනෙකු මියගොස් ඇති අතර මේ වසරේ එම සංඛ්‍යාව 402ක් වේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි