ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ, කුක්කු කූ කූ කුකුළ අඬනවා, කිරිදුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, කාවඩි බයිලා, සල්ලි මිටි ගණන් ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත. දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙනු ලැබේ.
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට