මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (PC73061) සුරංග දිනාල් දේශපාලන පලිගැනීමක් මත කිලිනොච්චිය ප්‍රදේශයට මාරු කර යැවීමට තරම් බලපෑමක් පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් චන්දන සිදුකර තිබේ.
මොහු ඍජුවම අදාළ පොලිස් කොස්තාපල්වරයා මාරු කරන ලෙස බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලා ඇති අතර බන්දුල ගුණවර්ධන එම ලිපිය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට යොමු කිරීමෙන් පසුව පොලිස්පති හරහා මෙම දේශපාලන පලිගැනීම ක්‍රියාත්මක කර තිබේ.
එම ස්ථින මාරු කිරීමේ නියෝගයට මානව සම්පත් කලමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති එන්. එම්. සිසිර කුමාර අත්සන් තබා ඇත.
මෙම දඬුවම් මාරුව ජනවාරි 15 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම්, උසස් කිරීම් සිදු කරන බව නාමිකව සඳහන් කර තිබුණ ද මේ වනවිට පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාද පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම්වලට මැදිහත් වෙමින් සිටියි.


© Lanka Truth


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?