ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් සිටියදී නව සභාපතිවරයෙකු පත් කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.
කොළඹ නගරයේ තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය කාලයේ හඳුන්වා දුන් වායු සමනය කළ සුඛෝපභෝගී බස් රථ සේවාවක් වූ City Rider ගමනාගමන මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කිංස්ලි රණවක මහතා විසින් අත්තනෝමතික ලෙස අවලංගු කර තිබුණි.
ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙසට ජන සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර තිබුණි.
කෙසේ වෙතත්, ගමනාගමන මණ්ඩලය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිවසේ දේපළක් නොවන බවට විවේචන එල්ල කළ එහි සභාපති කිංස්ලි රණවක තමන් කිසිවිටෙක එම ධුරයෙන් ඉවත් නොවන බව නිර්භයව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත් අද ප්‍රවාහන සභාවේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු එස්.එම්.ඩී.එල්.කේ.ටී. අල්විස් මහතා පත් කර ඇත.
(T.A.U)
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි