එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා මෙට්‍රික් ටොන් 9,000ක් සහිත නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය.
මේ වන විට එහි පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ද අද රාත්‍රියේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බවය.
එම පොහොර තොගය ගොඩබෑමේ කටයුතු හෙට (03) පස්වරුවේ ආරම්භකිරීමට නියමිත බව සඳහන් වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට