අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් ඉවත දමා තිබේ. එම කොමිසම දැනුම්දී ඇත්තේ අදාළ පැමිණිල්ල සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති කම මත ඉවත දමන බවයි.
ජපානයේ ‘තායිසෙ’ සමාගමෙන් අල්ලස් ඉල්ලූවේයැ’යි අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කොට තිබුණි.
ඒ අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් දන්වා යවා තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට