මාතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‘ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමානුකූලව මෙහෙයවෙමින් ඇත්තේ විදේශීය සාම සාධක හමුදාවක් ගොඩබස්වන තැනට බව’ සඳහන් කර ඇත.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියාසිටියේ,
‘දැන් මේ අරවා, මේවා නැගිට්ටවලා වැඩක් නැහැ. රටයි නැගිට්ටවන්න ඕනේ. මේ රටේ ලාංකීය ජාතියයි නැගිට්ටවන්න ඕනේ. මේ රාජ්‍යය අද ඇදගෙන යන්නේ එහි ගෙල සිඳලන දිසාවට. අපේ රටට හයිටියේ ඉරණම උරුම කර දීමටයි මේ සැරසෙන්නේ.
හයිටියේ අද නීත්‍යනුකූල මධ්‍යගත පාලනයක් නැහැ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තමයි හයිටිය පාලනය කරන්නේ. එක එක පාතාල කල්ලි ද ක්‍රියාත්මකයි. බහුජාතික සමාගමකට ඉඩමක් ඕනෑනම් ජනතාව එලවන කොන්ත්‍රාත් එක ඒ පාතාල කල්ලියකට බාරදෙනවා.
IMF වට්ටෝරුව ගිල්වමින් මේ අපේ රටත් රැගෙන යන්නේ ප්‍රඥාව අහිමි කරලා, ආවේගය උච්චතම තැනට ගෙනල්ලා, ඒ අවස්ථාවම යොදාගෙන, විදේශ සාම සාධක හමුදා බින්න බස්සවන තැනටයි.
IMF එකෙන් ලැබෙන තෙල් නැව් පහක් විතර ගෙන්වීමට පමණක් ප්‍රමාණවත් ඩොලර් බිලියන 2.9කින් මේ රට ගොඩදැමීමට බැරි බව තේරුම් ගනිමු’ යන්නයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්