Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෝම්බ භීතිකාව

මනිපායි – නවාලි, අත්තගිරි ප්‍රදේශයේ ඉඩමකදී යාපනය පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අද දින (14) පෙරවරුවේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අත් බෝම්බ 111ක් සොයාගෙන ඇති බවට වාර්තා වෙයි.

සී සාමින් සිටි පුද්ගලයෙකුට හඳුනාගත නොහැකි ලෙසින් වළ දමා තිබූ ද්‍රව්‍යයක් නිරීක්ෂණය වී ඇති අතර, ඔහු විසින් සිදු කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලැබ තිබේ.

ඒ අනුව මනිපායි පොලිසිය සමග ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විසින් අද උදෑසන අධිකරණ අවසරය මත මෙම අත් බෝම්බ ගොඩගැනීම සිදු කරනු ලැබ තිබේ. ගොඩ ගනු ලැබු අත් බෝම්බ තොගය නිෂ්ක්‍රීය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂ කාර්‍ය බලකාය රැගෙන ගොස් තිබෙන අතර මෙම අත්බෝම්බ තොගය එල්.ටී.ටී.ඊ. යුද සමයේ වළ දැමූ ඒවා බවයි පොලිසිය විසින් සදහන් කරනු ලැබ තිබෙන්නේ.

About The Author