කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප් රථය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණා දමා ඇතැ’යි එහිමියන් සඳහන් කරති.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාවක් තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ යැ’යි ඇතැමුන් පැවසුවද එම වංචාව කළේ අදාළ කාන්තාව නොව කොළඹ නාගරික මන්ත්රීනී ප්‍රියංකා ජයසේකර බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. ඇය තම විහාරස්ථානයේ දායිකාවක වුවද තිළිණි ප්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවද උන්වහන්සේ පැවසූහ.
තමන් වහන්සේට දායකයෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ජීප් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම මන්ත්‍රීවරිය පසුව මුදල් ලබා දීමේ පදනමින් එය ලබා ගෙන ගියද පසුව මුදල් ලබා නොදීම නිසා කළ සොයා බැලීමක දී එය අලෙවි කර තිබූ බව උන්වහන්සේ පැවසූහ.
කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට