Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුවන් විදුලියේ ලී කෙළියක්

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් අංග සම්පුර්ණ ලෙස ශ්‍රී ලංකාවට දායාද කළ රේඩියෝ සිලෝන් වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ක්‍රමයෙන් විනාශ මුඛයට අද වැටෙමින් පවතින බවට එහි සේවකයින් මැසිවිලි නගමින් සිටිනවා.

මෙහි ආසන්තම සිදුවීම් කිහිපයක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා.

ඉන් එක සිදුවීමක් වන්නේ ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය තුළ පිහිටා තිබු පිහිඹියා ගස් රැසක් කපා දමා දරට විකිණීමයි.

දරට විකුණන බව පවසා එම ගස් සියල්ලම රුපියල් 60000 ක් වැනි මුදලකට ගුවන් විදුලි සංස්ථාවේම ආපන ශාලාවේ කොන්ත්‍රාත්කරු වෙත ලබා දීමට කටයුතු කර ඈත්තේ එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් බවයි පැවසෙන්නේ.

දරට කැපු ගස් අවසානයේ මොරටුවට පැටවුණු බවද ගුවන් විදුලි සේවකයින් පවසනවා.

පසුගිය සමයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ඉදිකෙරුණු නැව ගොඩනැගිලි සංකීර්ණයද මේ වන විට පුද්ගලික ආයතනයකට දීර්ඝකාලීන බදු ගිවිසුමක් යටතේ බදු දීමට පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා.

එහිදී එම ගොඩනැගිල්ලේ විවිධ අංශ වෙන් කරමින් රුපියල් මිලියන ගණනක් වැය කරමින් තේක්ක ලීයෙන් සකස් කළ වෙන්කිරීමේ බැමි ද මේ වන විට ගලවා ඉවත් කර දමා තිබෙනවා.

විශාල මුදල් නාස්තියක් මේ හේතුවෙන් සිදුව ඇති අතර සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු පාලනාධිකාරිය මීට වගකිවයුතු බවයි ගුවන්විදුලි සේවක මහත්ම මහත්මීන් පෙන්වා දෙන්නේ.

About The Author