පිළියන්දල මඩපාත ප්රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් එක් භික්ෂූන් වහන්සේ නමක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේට පිහියකින් ඇණ තුවාල සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් 58 හැවිරිදි හිමිනමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පන්සලට ලැබුණු පිරිකරක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි