අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.
අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවද ඔහු මෙහිදි සඳහන් කිරීම විශේෂත්වයක්.
ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයා ඊයේ (01) එක්වෙමින්.
රටේ අරගලය අවසන් නැති බවත් එය අළු යට ගිනි පුලිඟු සේ මතුවෙමින් තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
එම ගිනි පුලිඟු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවද සඳහන් කර තිබෙනවා.
මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි තමා නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ෆොන්සේකා මහතා සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට