Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොහොට්ටුව ඩාම් වෙයි ඩූම් වෙයි : ජී ඇල් සමග මහින්දත් පොහොට්ටුවෙන් විසි වෙයි ද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දී පවත්වන පක්ෂ මහ සමුළුවේදී අදාළ සංශෝධන සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පක්ෂය විසින් ගනු ලබන දේශපාලන තීන්දුවට එරෙහිව යමින් කටයුතු කළ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන් එම තනතුරෙන් ඉවත් කිරීමට එහි දී කටයුතු කරන බවයි ප්‍රධාන ලේකම්වරයා පවසා ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළ බව සාගර කාරියවසම් මහතා මීට පෙර සඳහන් කළා.

නමුත් පක්‍ෂයේ මතය නොතකා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට තරග වැදුණු අතර පක්‍ෂ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක් ඔහුට සහාය ලබා දීමත් සමඟ පක්හිෂ අභ්ට‍යන්පුතරයේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රසිද්ධ මධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සහාය ලබා දුන්නේද ඩලස් අලහප්පෙරුම මහතාට බවයි.

ඒ අනුව ජී ඇල් පීරිස් මහතාට බෙදීමට නියමිත හැන්දෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් බෙදයි ද ? නැද්ද? යන්න පිළිබඳ මේවන විට පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

යම් හෙයකින් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබා දීම සම්බන්ධයෙන් ජී ඇල් පීරිස් මහතා ඇතුළු පිරිසට එරෙහිව පියවරක් ගනු ලැබුව හොත් එය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද අදාළ කිරීමට සිදුවීම එයට හේතුවයි.

About The Author