Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති රනිල් වේගයෙන් ලකුණු රැස් කරයි : අවුලක් වුණොත් පාර්ලිමේන්තුව විසුරුවා කරන්න හදන දෙයක් ගැන ඉඟියක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන මිල සහ ගෑස් මිල පහත හෙළමින් වේගයෙන් තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වී ඇති බව තොරතුරු දැන ගන්නට ලැබෙනවා.

මේ හරහා ජනතාව තුළ ප්‍රසාදයක් නිර්මාණය කර ගැනීම ඔහුගේ අරමුණ වී ඇති අතර විපක්ෂ නිරන්තරයෙන්ම ඉල්ලා සිටින ආකාරයෙන් මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව ද මේ ඔස්සේ නිර්මාණය කර ගැනීමට ඔහු උත්සාහ දරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව නියමිත කාලය අවසන් වීමට පෙර මැතිවරණයක් කැඳවා ස්ථාවරය පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනපතිවරයා සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු වාර්තාව වනවා.

මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ සාකච්ඡාව බිඳ වැටී ඇති අතර ඒ වෙනුවට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු දැනගන්නට තිබෙනවා.

මේ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීමේදී අවාසිදායක වීමට ඉඩ තිබීම හේතුවෙන් ජනතා පරමාධිපත්‍යය බලය අනුව නව පාලනයක් නිර්මාණය කර ගැනීම සුදුසුම විකල්පය බවට බොහෝ දෙනෙකු පෙන්වා දී ඇති බව සඳහන්.

About The Author