පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන ‘ඩනිස් අලි’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශගතවීමට ගුවන් යානයක රැඳී සිටියදී වීම විශේෂත්වයක්.
රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් එම අත්අඩංගුවට ගැනීමට අදාළ ගුවන් ගමන් තහනම හෝ වරෙන්තු නියෝගය පෙන්වන ලෙස පවසමින් ගුවන් මගීන් නොසන්සුන් වූ අයුරු ද මෙහිදී දක්නට ලැබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට