Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඡනාධිපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දය හෙළි කළොත් වසර හතකට මන්ත්‍රී ධුරය අහිමියි

අනුප්‍රාප්ත්‍රික ජනාධිතිවරයා තෝරාගන්නා ඡන්ද විමසීමට අදාළව ඡන්දය හෙළි කිරීමෙන් හෝ යම් අයුරකින් වරදකරුවන පුද්ගලයෙකු වසර හතක කාලයට තම මන්ත්‍රීධුරය අහිමිවන බව ජනාධිපතිවරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්ය.

එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අනිසි බලපෑම් හෝ අල්ලස් ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් දඩමුදලක් අයකරගැනීම හෝ මාස හයක සිරදඩුවමක් ලබාදිය හැකි බව 1981 අංක 02 දරන ජනාධිපති මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්වේ.

එමෙන්ම ජනාධිපතිවරයා තෝරණ ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගතකිරීම් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද(20දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අදාළ ඡන්ද විමසීම සියලු නීතිරීතිවලට අනුකූලව පවත්ව බව කථානායක මහින්ද අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author