Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වටේ වතුර ගහපු පොලිසිය වතුර බිලට පොලු තියලා : කඳුළු ගෑස් සංචිතයත් අවසන් අඩියේ

පසුගිය සති කිහිපයේම කොළඹ පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වනවා.

‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කරන්නේ විරෝධතා අතරතුර පොලිසිය විසින් විශාල ජල ප්‍රමාණයක් භාවිතා කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අනාවරණය කළ බවයි.

ජල ප්‍රහාරක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කළ ජලය වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පොලිස් දෙපාර්තමේන්තුව තවමත් මුදල් ගෙවා නොමැති බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.

මේ අතර පිට පළාත්වල ඇති පොලිස් ස්ථානවලින් කඳුළු ගෑස් තොග කොළඹට රැගෙන ඒමට පොලිසිය පියවර ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

පසුගියදා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතාවලදී කඳුළු ගෑස් විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති බැවින් කොළඹ පොලිස් ස්ථානවල ඉතිරිව ඇත්තේ සීමිත කඳුළු ගෑස් ප්‍රමාණයක් පමණක් බවයි වාර්තා වන්නේ.

© News19

About The Author