Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ අස්වන කතා බොරු රටින් ගොස් ඇත්තේ තාවකාලිකවයි : එනතුරු වැඩ බලන්නේ අගමැති රනිල් : ජනපතිගේ ගැසට්ටුව නිකුත් වෙයි

වැඩබලන ජනපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ තමන් දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් ජනාධිපති ධූරයේ වගකීම ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් තමා ශ්‍රී ලංකාවෙන් බැහැර සිටින කාලය සඳහා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තමන් පියවර ගත් බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරැව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වුවද ඉහත සඳහන් ගැසට් නිවේදනය අනුව එවැන්නක් පැහැදිලි වන්නේ නැහැ.

About The Author