ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සහ නියාමනය සඳහා මේ වනවිට සම්මත කරගෙන ඇති පනත බලාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
මෙම අනුමැතිය ඊයේ (04) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ලබාදී ඇත.
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාරය නියාමනය කිරීමේ පනත සම්මත කරගනෙ තිබුණද එය බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මේ දක්වා ලබා දී නොතිබිණි.
එම බාධකය ඉවත් කරමින් පනත මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට මේ අනුව ඉඩ කඩ ලබාදෙනු ඇත.
ඒ සමගම 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අදාලව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කැසිනෝ පනත බලාත්මක කිරීමේ යෝජනාව මුදල් ඇමති මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට