පුංචි ලොරියක 37 දෙනෙක් ගිහින් තට්ටුව කඩා වැටිලා
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී දරුවන් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවන් 13 ක් රෝහල් ගතකර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ගමනා ගමන අපහසුතා නිසා ඊයේ (30) උදෑසන කුඩා ලොරි රථයක නැගී මෙම දරුවන් පිරිස පාසල් ගොස් තිබෙනවා.
කෙසේ නමුත් එම ලොරි රථයේ දරුවන් වැඩි පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ලොරියේ තට්ටුව කඩා වැටී අතර එම අවස්ථාවේ සිසුන් 37 දෙනෙකු අදාළ ලොරිය තුළ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.
තුවාල ලැබූ එක් සිසුවෙකුගේ පාදය බිඳී තිබෙනවා.
සිසුන් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වර්තාවනවා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට