කොන් නොවී රැල්ලට යාමට සැරසෙයි
දේශපාලකයන්ට තක්කඩි සහ අමන තීන්දු තීරණය හේතුවෙන් මුළු රටම අකර්මණ්‍ය වී ඇති මොහොතක ජනතාවට එදිනෙදා ගමන් බිමන් යාමට පවා නොහැකි තත්වයක් උදාවී තිබෙනවා.
ඉහළ යන ඉන්ධන මිල සහ ඉහළ ගියත් මිලදී ගැනීමට ඉන්ධන නොමැති වීමේ අර්බුදය විසදීමට මෙතෙක් රජයට හැකිවී නැහැ.
මෙම තත්ත්වය තුළ විවිධ විකල්ප විසඳුම් සොයා යාමට සමාජය පෙළඹී ඇති අතර මෝටර් රථ වෙනුවට පා පැදි මිලට ගැනීමට ද බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ වෙන කිරීමට කිසිවක් නොමැති තත්ත්වයක් තුළයි.
කෙසේ වෙතත් මේ වන විට රුපියල් දහ පහළොස් දහසට පැවැති පාපැදි මිල රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආණ්ඩුව විසින් බයිසිකල් අමතර කොටස් ආනයනය කිරීම තහනම් කිරීමට ගනු ලැබූ තීරණය ද මෙම මිල ඉහළ යාමට බලපා තිබෙනවා.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා ද පාපැදියක් මිලදී ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ හිටපු කීර්තිමත් කොමසාරිස්වරයකු මහාචාර්ය රංගික හල්වතුර මහතා මෙරට තරුණම මහාචාර්යවරුන් අතරින් අයෙක්.
පාපැදිය මිලදී ගැනීමෙන් නොනැවතී සිය මුහුණු පොතේ ඔහු අපූරු සටහනක්ද තබා තිබුණා.
මම මුලින්ම බයිසිකල් පඳින්න පුරුදු උනේ තාත්තාගෙ බයිසිකලයෙන්. ඊට පස්සෙ මම 8 වසරෙදි, මටම කියලා බයිසිකලයක් මගෙ අම්මයි තාත්තයි අරන් දුන්නා. ඒ, බයිසිකලෙන් ඉස්කෝලෙ යන්න. ටික කාලෙකට පස්සෙ මට සිද්ධ උනා මල්ලිවත් දාගෙන පදින්න. මගෙ O/L වලින් පස්සෙ මගෙ අම්මා ආයෙත් මට bike එකක් අරන් දුන්නා. ඒ මම O/L පාස් වුන සතුටට. ඒ Mountain Bike එකක්. ඉතින් ඒකාලෙ, ඒක තමයි මගෙ මුළු ලෝකෙම. ඕකෙන් නොකරපු දෙයක් නැහැ. කොලු කමට නොගිය තැනක් නැති තරම්. කොටින්ම කිව්වොත් විශ්ව විද්‍යාලෙ යන කොටත් කීප වතාවක් මම බයිසිකලෙන් University අවා.
ඒ දවස් වල ඉදලම හිතේ ලොකු හීනයක් තිබුනා. ඒක තමයි, මගේම කියලා, මටම කියලා, හම්බ කරලා, හම්බ කරලා බයිසිකලයක් ගන්න. ඔන්න ඉතින් හා හා පුරා කියලා අද ඒ හීනයත් හැබෑ කරගත්තා කියන්නකෝ. හැබැයි ඉතින් විශ්වවිද්‍යාලෙ මහාචාර්ය කෙනෙක් වෙලත් අවුරුදු 6 ගියා ඒ හීනය සැබෑ කරගන්න.
හිතට දැනෙන්නෙ කියලා නිමකරගන්න බැරි සතුටක්. ඊටත් වඩා ලබන සතියේ ඉදලා 30Km විතර ගෙවාගෙන මේකෙන් කැම්පස් ගිහින් ආයෙත් 30Km විතර ගෙවාගෙන ගෙදර එනවා කියලා මතක් වෙන කොට මට ඊටත් වඩා දෙයක් නැහැ.
මොනවා වුනත් මගේම කියලා බයිසිකලයකුත් අරගෙන රාජකාරියට බයිසිකලේ පැදගෙන යන්න අවස්ථාව සැලැස්වූ අයට මොනවා වුනත්, ඔවුන්ගේ දෙමව්පියෝ බුදුන් දැකීම කෙසේ වෙතත් මේ ආත්මෙදිම නිවන් අවබෝධ වෙත්වා කියලා එක සිතින් පතනවා!.
අර උදව් කරපු අයත් දෙයියනේ කියලා නිවන් දැක්කට කමක් නැහැ ඉතින්. අපි කවුරුත් තරහ නැහැ ඕo….
සාධූ….. සාධූ…. සා……!
මේකට පිo සිද්ධ වෙන්න බයිසිකල් රැල්ලෙන් කොන් නොවී බේරෙන්න පුළුවන් දැන්
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්