Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රමණ වේශධාරීන් තෙල් පෝලිම් වල කට්ටි පනී : ජනතාව දත් කූරූ කමින් ඉවසයි

අත්‍යවශ්‍ය සේවාවන්ට තියා වෛද්‍යවරුන්ටවත් ඉන්ධන නැති මොහොතේ බුද්ධ චීවරය අවභාවිතාවේ යොදවයි

බුද්ධ දර්ශනය සහ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් පවා විකෘති කරමින් දේශපාලන වහල් භාවයෙන් වරදාන වරප්‍රසාද හමුවේ සමස්ත ජාතියක් විනාශයට ඇද දැමු සහ බෞද්ධයන් ගේ සහ සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ගෞරවය කෙලෙසා දැමූ චීවරධාරීන් අතලොස්සක් මෙරට සිටින බව නොරහසක්.

ඔවුන්ගෙන් ඇතැමෙකු මේ අවස්ථාවේදී ද බුද්ධ චීවරයට මුවා වෙමින් ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් වලින් කට්ටි පනිමින් ඉන්ධන ලබා ගැනීමේ නිරතවන බවට වන සිදුවීම් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.

ජනතාව චෝදනා කරන්නේ ශ්‍රමණ වේශධාරීන් විහාරස්ථානයේ වාහන මෙන්ම හිතවතුන්ගේ වාහනද රැගෙන පැමිණ පෝලිම නොතකා වාහනවලට ඉන්ධන පුරවාගෙන ගෙන යන බවයි.

බුද්ධ චීවරයට තවදුරටත් මෙරට ජන සමාජය තුළ පවත්නා සංස්කෘතික ගරු කිරීම පමණක් හේතුවෙන් ජනතාව මෙම සිදුවීම් දැඩි කෝපයෙන් යුතුව ඉවසා සිටින බවයි පවසන්නේ.

නමුත් සාමානය පෙළ විභාහගයට අදාළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන් වහන්සේ හැරුණු විට අපගේ දැනුවත් කිරීම අනුව කිසිදු භික්ෂුවකගේ සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කර නැති තත්වයක් මත මෙය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද දින ගණන් පෝලිමේ සිටින ජනතාව පවසනවා.

භික්ෂුවට වත් යුක්ති ගරුක සහ නීතිගරුක වන්නට විනයක් හෝ ශික්ෂණයක් හෝ නොමැති නම් එය බරපතල සමාජ ඛේදවාචකයක් බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි.

කිසි වෙතත් බුද්ධ දර්ශනයට භික්ෂූන් වහන්සේ කෙනෙකු ලෙස නොහැසිරෙන අවම වශයෙන් සතර සංග්‍රහ වස්තු හෝ පංචශීලය හෝ පිළිබඳ පිළිවෙත් පිරීමක් නැති චීවරයක් හැදි පුද්ගලයින් අප හඳුන්වන්නේ භික්ෂූන් වහන්සේ ලෙස නොව ශ්‍රමණ වේශධාරී ලෙස බවද අවසන් වශයෙන් ලියා තබමු.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානයේ ලා සලකා තිබෙන්නේ බුදු දහම මිස බුදුදහමට මුවාවෙමින් දහදුරා නීති විරෝධී වැඩ කරන ශ්‍රමණ වේශධාරී නොවන බව සමාජය අවබෝධ කර ගත යුතු කාලය දැන් උදා වී තිබෙනවා.

චීවරයක් , ලෝගුවක් හෝ ඇඳුමකින් සැරසී සිටිය ද සියලු දෙනා වෙනුවෙන්ම රට තුළ බලාත්මක වන්නේ පොදු නීතියක් පමණක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතුයි.

About The Author