ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සිව්වන ඩිප්ලෝමා ප්රදානෝත්සවය, අද දින (16) එල්ෆින්ස්ටන් රංගශාලාවේදී පවත්වා තිබෙනවා.
මෙහි දී සිසුන් එකසිය හැත්තෑ දෙනෙකුට උසස් ඩිප්ලෝමා සහතික පිරිනමා ඇති අතර ඒ අතරින් සුවිශේෂී දස්කම් දැක් වූ සිසුන් තිස්පස්දෙනෙකු අතරේ සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර ශිෂ්‍යත්වය, නීතීඥ ජෝන් ද සිල්වා ශිෂ්‍යත්වය, නීතීඥ චාල්ස් ඩයස් ශිෂ්‍යත්වය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශිෂ්‍යත්වය, අධ්‍යයන වර්ෂයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව සඳහා පිරිනැමෙන සම්මානය, වසරේ දක්ෂතම ශිෂ්‍යයා හා ශිෂ්‍යයාවට හිමි පදක්කම ඇතුළු සම්මාන බෙදී ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් උසස් ඩිප්ලෝමාවක් ප්රදානය කරනු ලබන එකම රාජ්‍ය ආයතනය වන්නේ ටවර් නාට්‍ය හා රංගකලා පාසලයි.
මෙවර උසස් ඩිප්ලෝමා සහතිකපත් ප්රදානය සඳහා එකදු දේශපාලකයෙකු හෝ සහභාගී කර නොගැනීම විශේෂත්වයක්.



අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !