රට ආර්ථික වශයෙන් තීරණාත්මක අර්බුදයකට මුහුණ පා ඇති මොහොතක රටේ දේශපාලන තත්වයද පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකයි.
මෙම වාතාවරණය තුළදේශපාලන පක්ෂ වල පැවැත්මද අර්බුදයට ලක්ව අවසන්.
එහි ප්‍රතිඵලය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන පාර්ශව නියෝජනය කරන පක්ෂ දෙකෙහි ද කණ්ඩායම් බිඳී වෙන්ව යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.
සමගි ජන බලවේගය නියෝජනය කළ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් එම පක්ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරමින් ආණ්ඩුවේ මැති ඇමති ධුර ලබා ගැනීම සහ පසුගියදා(08) පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය මේ වන විට දේශපාලන කරලියේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
නමුත් තිරය පිටුපස තවත් සංවේදී පක්ෂ මාරු කිරීම් කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.
පොදුජන පෙරමුණ තුළ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එම පක්ෂය නියෝජනය කළ ජේෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සහ අමාත්‍යවරියක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ඉන් එක් තොරතුරක්.
ඉන් බොහෝ දෙනෙකු සෘජුවම මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර නිදහස් පක්ෂය පසුගියදා ඉවත් වූ රංගන ශිල්පියෙකු ද වන හිටපු අමාත්‍යවරයෙකුගේ දියණියක්ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එළඹෙන මැතිවරණයකදී මොරටුව ආසනය නියෝජනය කරමින් තරග වැදීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇති බවට අප වෙත තොරතුරු වාර්තා වුණා.
ඇය හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක්.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ ප්‍රභල චරිත කිහිපයක්ද ඉදිරි මහමැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට සැරසෙමින් සිටින්නේ එම පක්ෂයට එරෙහිව ඇති විශාල ජනතා ප්රතිවිරෝධය සහ රාජපක්ෂ පාලනයට විරෝධය පළ කරමින්.
එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා සාකච්ඡා පවත්වා ඇති පිරිසට පොහොට්ටුවේ පසුපෙළ කැරලිකාර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සිටින බවත් වාර්තාවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට