Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජිත් නම් හා කියූ නිදහස් පක්ෂය රනිල් ගැන ඉඟියෙන් කලබල වෙයි : අගමැති කමට නම් තුනක් ජනපතිට යවයි

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් වන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ අද පෙරවරුවේ ආගමික නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත් මෙම එකගතාවය බිඳ දමමින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම තීරණය කර තිබෙන්වා.

 ඒ අනුව එම නම් තුන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන්.

සජිත්ගේ ස්ථාවරය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් නොවන්නේ නම් ආණ්ඩුව කිසිදු තනතුරක් නොදරන බවට දැඩි ප්‍රතිපත්තියක සිටින්නේ සාමකාමී අරගලයේ නිරත විරෝධතාකරුවන්ගේ ඉල්ලීමද සිහිපත් කරමින්.

එම තත්ත්වය මත විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම්  ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එය ගැනීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් මහතාගේ නිවසේ පැවැති රැස්වීමකදී එම තිරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

නිමල් සිරිපාලද සිල්වා, විජේදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම එසේ යෝජනා වී ඇති පුද්ගලයින් තිදෙනායි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී රටේ පවතින තත්ත්වයට වහා විසඳුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවට ද නිල නොවන තොරතුරු වාර්තා වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධානය රැසක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව තබා ඇති විශ්වාසය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව සිදු කර ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වාර්තාවන්නේ.

About The Author