අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කළත් එහි අග්‍රාමාත්‍යවරයා වන්නේ තමන් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කර තිබෙන්නේ.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට මේ දක්වා තමාට කිසිදු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර නොමැති බවත් එකිනෙකාගේ එකගතාව නොමැතිව අන්තර්වාර රජයක් පිහිටුවීමට නොහැකි බවද අගමැතිවරයා සදහන් කළා. එමෙන්ම, ගාලුමුවදොර අරගලයේ නිරත වන තරුණයින් සමග ඕනෑම මොහොතක සාකච්ජා කිරීමට සුදානම් බවත් ඔවුන් සාකච්ජාවකට නොපැමිණෙන තාක්කල් අරගලය දිගටම පවතිනු ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
“අන්තර් පාලනය ගේනවා නම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගෙන්න ඕනේ. ඒක හින්දා මේ වෙන අගමැතිවරු තියා රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් කට්ටිය දාගෙන කරන්න සුදානම් නම් මං හිතන්නේ නෑ එක්කෙනෙක් වත් කැමති වෙයි කියලා.
අරගලයක් යනවා ඉතින්. ඒ අය විසදුම් සොයන්න සාකච්ජා කරන්න එපැයි. ඒ අය සාකච්ජාවට එන්නේ නැති තාක්කල් අරගලය එහෙමම යයි. එයාලට මට කියන්න තියෙන්නේ රජයත් එක්ක සාකච්ජා කරන්න නැත්නම් අරගලය දිගින් දිගටම කරගෙන ඉන්න පුළුවන්.
ඕන වෙලාවක අරලිය ගහ මන්දිරය විවෘතයි. ඒ කට්ටිය කියනවා නම් අහවල් දවසේ අහවල් වෙලාවට අපි එනවා කියලා අපි ඒ අයට ඕන මැති ඇමැතිවරු සාකච්ජා කරන්න කැමති අය මං ගෙන්නලා දෙන්නම්. ඒ අය එක්ක සාකච්ජා කරන්න”
යනුවෙන් පැවසුවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්