21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දින (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. නව කැබිනට් මණ්ඩලය පත්වීමෙන් අනතුරුව පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි.
එහිදී එම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති විධායක බලතල එමගින් කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කථානායකවරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අදාළ යෝජනා ද හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට