අපිටත් හොරු ගොඩට වැටෙන්න බෑ කියා විගණකාධිපතිට ලියයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් ජනතා සම්පත් කොල්ල කන අන්ත දූෂණයන් පිරිසක් බවට මේ වන විට සමාජයෙන් බරපතල චෝදනා එල්ලවෙමින් තිබෙනවා.
ජනතාව පවසන්නේ මහජන මුදල් කාබාසිනියා කරදැමූ දූෂිත දේශපාලනඥයින් 225ම ගෙදර යායුතු බවයි.
ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මෙම චෝදනා සෘජුවම එල්ල වී ඇති අතර අයථා ලෙස උපයාගත් වත්කම් රාජසන්තක කොට රටේ ණය පියවිය යුතු බවට මහජන මතයක් ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.
එවන් පසුබිමක් තුළ සමගි ජන බලවේගයේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විගණකාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙන්නේ 2004 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ තමන් සතු වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් වහා විගණනයක් කොට එම විගණන වාර්තා ජනතාවගේ දැනගැනීම සඳහා ප්රසිද්ධ කරන ලෙසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි