එක්සත් ජාතික පක්ශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා පක්ෂයට සම්බන්ධ භික්ෂු සංවිධාන සහ මහා සංඝරත්නය නියෝජනය කරන ස්වාමීන් වහන්සේ කණ්ඩායමක් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පවත්වා තිබෙනවා.
එහිදී පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිලිබදව සහ නව නායකත්වයක් පත් කිරීම පිළිබද දීර්ඝ ලෙස කරුණු අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී ස්වාමීන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සිංහල බෞද්ධ නායකත්වයකට ඉදිරියේදී පක්ෂයේ වගකීම් භාර දිය යුතු බවයි. එමෙන්ම පත් කරන නව නායකයා පක්ෂය වෙනුවෙන් කැප වෙමින් කැඩී බිදී ගිය සියලු බලවේග එක කර ගත හැකි පුද්ගලයෙකු වීම. පක්ෂය හැර නොගිය,පාක්ෂිකයන්ට විශ්වාසය තැබිය හැකි ඔවුන්ගේ හඩට වඩා සංවේදී පුද්ගලයෙකු වීම සහ මෙරට පොදුවේ ජන සමාජය තුළ ඇති පිළිගැනීම ආදී කරුණු ද සැළකිල්ලට ගනිමින් කල් නොයවා අදාල වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම පසුගිය කාළයේ පක්ෂය තුළ නිලතල සහ අමාත්‍යධූර දරමින් ජනතාවට සංවේදී නොවූ පක්ෂයේ නිලධාරීන් සහ හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් ද මෙහිදී භික්ෂූන් වහන්සේ විසින් ඉදිරිපත් කළ බවද සඳහන්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්