මහජනතාව සහ පොලිස් නිලධාරීන්ගේ විරෝධය මැද පලායයි
අද පස්වරුවේ පාර්ලිමේන්තුව අසල පැවති මහජන විරෝධය හරහා ආයුධ සන්නද්ධව අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී පැමිණි කණ්ඩායමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටී එම පුද්ගලයින් පොලිස් අණ නොතකා කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිස් නිලධාරින් ද ඔවුන් නවතා ගැනීමට කටයුතු කළේ මහත් පරිශ්‍රමයක් දරමින්.
විරෝධතා කරුවන් ද මෙම කණ්ඩායමට දැඩි විරෝධයක් එල්ල කළ අතර මේ හේතුවෙන් දැඩි උණුසුම් කාරී තත්ත්වයක් නිර්මාණය වන අයුරු දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් එල්ල වූ මහජන සහ පොලිස් නිලධාරීන්ගේ විරෝධය හමුවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් ව ගියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට