සත්තු සහ බිත්තර ජාවාරම්, මිලියන ගණනක ටෙන්ඩර මගඩි ගැන පරීක්ෂණ ඉල්ලු අධ්යක්ෂ ජනරාල්වරිය ගෙදර යවා අලුත් ලොක්කෙක් පත්කරයි
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා නව අධ්යක්ෂ ජනරාල් වරයෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (31) දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතයි.
මීට පෙර එම ධුරයේ කටයුතු කරන ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී ඇය සහ සේවකයින් අතර ගැටුම් ඇති වුණා.
මීට අමතරව විෂය භාර අමාත්‍ය මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමග ඇය යම් මත ගැටුමක් ඇති කරගෙන තිබුණේ හා පරිමාණ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන ලද ස්වාධීන විමර්ශන වාර්තාවකට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා සහ ලේකම්වරයා කටයුතු නොකරන බව පවසමින්.
පසුගියදා Mee Massoo TV සමගින් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති බරපතල වංචා රැසක් පිළිබඳව තොරතුරු හෙළි කළා.
තම පත්වීම කැබිනට් මණ්ඩලය විසින් සිදුකර ඇති බව පැවසූ ඇය තමන් කිසි විටෙක ධුරයෙන් ඉල්ලා අස් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති සිදුව ඇති මහා පරිමාණ හොරකම් සහ වංචාවන් අනුමත කරනවා නම් ඒ වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලු තමන් ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු ධුරයට පත්කරගැනීමට කැබිනට් මණ්ඩලයට හැකියාව පවතින බව ද ඇය මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.
මේ වන විට ඇය අදාල ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
නව අධ්යක්ෂ ජනරාල්වරයා පත්කරන ලද තිලක් ප්‍රේමකාන්ත මහතා මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙස ද සේවය කර තිබෙන අතර විෂයභාර අමාත්‍ය රත්නායක මහතා ද නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි