Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නඩු පැවරීමේදී තාක්ෂණික දෝෂයක් : මල්වානේ මාලිගාව නඩුවෙන් බැසිල් සහ තිරු නඩේෂන් නිදහස්

ගම්පහ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, පිහිනුම් තටාකයක් ඉදිකර මහා පරිමාණ ගොවිපොළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 250ක රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ ඇති නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනා ගම්පහ මහාධිකරණ විසින් නිදහස් කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂගේ සැමිය වන තිරුකුමාරන් නඩේසන් සහ ගෘහනිර්මාණයන ශිල්පී මුදිත් ජයකොඩි නැමැත්තා මෙම නඩුවේ විත්ති කරුවන් ලෙස නම් කර සිටි අතර පසුව ගෘහනිර්මාණයන ශිල්පී මුදිත් ජයකොඩි රජයේ සාක්ෂි කරුවෙකු ලෙස සාක්ෂි ලබා දුන්නා.

රාජපක්ෂලගේ නැකත්කරු ලෙස කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන නැමැත්තාද මෙහි සාක්ෂි කරුවෙකු ලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබුණා.

එම සාක්ෂි සම්බන්ධයෙන් පල වී තිබූ මාධ්‍ය වාර්තා අනුව, එම සාක්ෂි මගින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති, වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මෙම මල්වානේ ඉඩමට සහ නිවසට ඇති අයිතිය පිළිබඳ කරුණු අනාවරණය කර තිබුණා.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එම නඩුවෙන් නිදහස් කර ඇත්තේ නඩුව ගොනු කිරීමේදී ඇතිව තිබෙන තාක්ෂණික දෝෂ පදනම් කරගෙන බවයි වාර්තාවන්නේ.

නඩුවෙන් නිදහස් කරන ලද තිරු නඩේෂන් මහතා විසින් සිදු කරන ලදැයි පැවසෙන වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැන්ඩෝරා පත්‍රිකා හරහා ද අනාවරණයක් සිදුකෙරුණා.

නමුත් ඒ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව තුළ මෙතෙක් නිසි විමර්ශනය සිදු කොට අවසන් තීරණයක් ගෙන නැහැ.

© Lanka Truth

About The Author