Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩි වගකීම රාජ්‍ය නිලධාරීන්ට : ඇමැතිවරුන් විකට් රැක ගැනීමේ සටනක

දිගටම දෙන්න බෑ ඉන්දියාව කියයි : අමාත්‍යංශ ලේකම් කරුණු පැහැදිලි කරයි

අර්බුදය තවදුරටත් උත්සන්න වීමත් සමග බොහෝ අමාත්‍යංශ වල ඇමතිවරුන් පසුපසට අඩියක් තබා රාජ්‍ය නිලධාරීන් හරහා මාධ්‍ය සමග සන්නිවේදනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙහි ආසන්තම සිදු වීම බලශක්ති අමාත්‍යාංශයෙන් වාර්තාවනවා.

පවතින අර්බුදය හමුවේ අතිශය කාර්යබහුල අමාත්‍යාංශය ලේකම්වරියක් වන කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය මේ වන විට මාධ්‍යයට පවතින අර්බුධය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහාද කටයුතු කරමින් සිටිනවා.

අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ එවැනි වට පිටාවක් තුළයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි.

නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කරනවා.

ඉන්දීය ණය සැලසුම යටතේ ඩීසල් රැගත් නෞකාවක් මෙරටට පැමිණීම සමග රටට අවශ්‍ය ඩීසල් සහ පෙට්රල් සංස්ථාව සතුව තිබෙන බවත් ඇය සඳහන් කරනවා.

බොරතෙල් නොමැතිකම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බවත් ඉන්දීය සමාගම බොරතෙල් හා දැවිතෙල් ලබා නොදෙන නිසා ඒවා සපයා ගැනීමට ද සංස්ථාවට සිදුව ඇතැයි ඇය තව දුරටත් පවසනවා.

මේ අතර රට තුළ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය දිනවල මාධ්‍ය ආයතන කිහිපයකින් රටේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් කිහිපදෙනෙකුට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබුණ ද ඔවුන් එම ආරාධනා සුහදශීලී ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මේ අවස්ථාවේදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට සූදානම් නොමැති බව පවසමින්.

අවශ්‍ය නම් ඒ සඳහා සිය අමාත්‍යංශවල නිලධාරීන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බව ද ඇමතිවරුන් කිහිප දෙනෙකුම පවසා තිබෙනවා.

දේශපාලනඥයන්ට එල්ල වන ජනතා විරෝධය රාජ්‍ය නිලධාරීන්ට ජනතාවගෙන් එල්ල නොවීම හේතුවෙන් යම් ආකාරයකින් දේශපාලකයින් වෙනුවට නිලධාරීන් ලවා ප්‍රශ්න වලට පිළිතුරු දීම වඩා සුබ දායක වෙතැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන්.

About The Author