ගෘහස්ත ගෑස් සිලින්ඩරය ඉගිලෙයි : 1500කින් උඩ යයි
ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහල දමා තිබෙනවා.
ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4199ක් බවයි වාර්තාවන්නේ.
අනුව එය රුපියල් 1500ක පමණ මිල වැඩිකිරීමක්.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 672 ක් ලෙස දැක්වෙනවා.
ලිත්‍රො ගෑස් සමාගමද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000කින් ඉහල දැමීමට සැරසෙන බවද වාර්තාවනවා.
කෙසේ වෙතත් ජනතාවට සිදුව ඇත්තේ එහි අපා දුක් විඳිමින් පෝළිම් වල තපිමින් වැඩි මිලට හෝ ගෑස් ලැබෙන තුරු බලා සිටීමටයි.
වාර්තාවනඅන්දමට මේ දක්වා රට අවශ්‍ය ආකාරයෙන් ගෑස් තොග මෙරටට ලැබී නැහැ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට