රාජපක්ෂ පාලන සමයේ සොරකම් කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි යහපාලන සමයේ සොයාගෙන
රාජපක්ෂ පාලන සමයේ වංචා කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි යන්න පිළිබඳ කරුණු යහපාලන සමයේදී සිදු කරන ලද විමර්ශනයන් වලදී අනාවරණය වූ අයුරු හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය හෙළිකළා.
Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් කළේ මේ පිළිබඳ තමන් සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සහ නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මෙම කරුණු තමන් එම කරුණු දැනගත් බවයි.
ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ මුදල් සම්බන්ධයෙන්ද ඇය මෙහිදී කරුණු දැක්වුවා.
සජිත් මගේ නායකයා තමයි : නමුත් අඩු පාඩු රැසක් තියනවා
මේ අතර ඇය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබදව ද අදහස් දැක් වූ තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා සිය නායකයා ලෙස පිළිගන්නා නමුත් ඔහු අඩුපාඩු රැසකින් යුක්ත පුද්ගලයෙකු බවයි.
වර්තමානයේ ඇතිවී තිබෙන කිසිවකට යහපාලන ආණ්ඩුව වගකිව යුතු නැති බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරිය විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවද අවධාරණය කළා.
කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කතාව
විධායක ජනාධිපති ධුරය මානසික රෝගියෙකු අතට පත් වුවහොත් අත්විය හැකි අහිතකර ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කොල්වින් ආර් ද සිල්වා මහතා මීට බොහෝ කලකට පෙර අනාවැකි පළකරමින් ප්‍රශ්න කළ අයුරු සිහිපත් කළ මන්ත්‍රීවරිය කොල්වින් ආර් ද සිල්වා මහතා එදා මතුකළ ප්රශ්නය අද පිළිතුරු ලැබී ඇති බව සඳහන් කළේ ඔහු අනාගතය දුටු බවද පෙන්වා දෙමින් වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට