Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ණයත් ගෙවන්න නැත්නම් ගෑස් බාන්නේ නෑ : ගෑස් නැව් දෙක දැඩි ස්ථාවරයක : ගෑස් අර්බුදය තවත් හිරවෙයි

කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වනවා.

අද පෙරවරුවේ ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ අදාළ නෞකා දෙකට මුදල් ගෙවා දැමීම හේතුවෙන් ගෑස් අර්බුදය විසදී යනු ඇති බවයි.

කෙසේ වෙතත් ඉහත ගැටළුව හේතුවෙන් මේ දක්වා එම නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බව වාර්තාවනවා.

කෙසේ හෝ අදාළ ගෑස් තොගය ගොඩබා ගැනීම සඳහා අදාළ සමාගම් සමගින් සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙකු මාධ්‍යයට සඳහන් කර තිබෙනවා.

About The Author