Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස් ගාස්තු 15% කින් ඉහලට : අවම බස් ගාස්තුව මෙන්න

අද මධ්‍යම රාත්‍රී සිට ලංගම සහ පෞද්ගලික බස් රථ සේවා වලට අයත් සියලුම බස් රථ වල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම තීරණය අනුව බස් ගාස්තුව 15% කින් ඉහළ නැංවෙනු ඇති.

ඒ අනුව මෙතෙක් රුපියල් 17ක්ව පැවැති අවම ගාස්තුව රුපියල් 20 දක්වා රුපියල් 3කින් ඉහල දමා තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ අනුව මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇති.

About The Author