Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව කළයුතු දේ IMF දැනුම් දෙයි : මුල්ම අභ්‍යාසය දුෂණය හා නාස්තිය නතර කිරීමයි : රාජ්‍ය සේවය පිළිබඳවත් අවධානය

බදු වැඩි කිරීමක් ගැනත් උපදෙස්

ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ .

ඒ අනුව ‌සියලුම භාණ්ඩ හා සේවාවන්වලට බලපාන පරිදි වැඩ් බද්ද 15% දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව සඳහන්.

මේ වනවිට වැට් බද්ද පවතින්නේ 8%ක ප්‍රතිශතයකයි.

15%ට තිබූ වැට් බද්ද 8% දක්වා පහත දැම්මේ 2019 වසරේ දෙසැම්බර් 01 දිනයි ඒ හේතුවෙන් රටට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන ගණනක්.

එහිදී සංචාරක ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් ද වැට් බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබු අතර එහි වැඩි වාසිය හිමිවුයේ ඉහල මට්ටමේ ව්‍යාපාරිකයින් හටයි.

ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක් රජයට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබෙනවා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද එම යෝජනා අතරට ඇතුලත් කර තිබෙනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර ඇති බව සඳහන්.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙසද යෝජනා කර තිබෙනවා.

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර තිබීම විශේෂත්වයක්.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණ සිදුවීම් වලක්වන ලෙසත් එම කමිටුව රජයට යෝජනා කර ඇති බව ද සඳහන්.

About The Author