Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කඩේ යන එවුන්ගේ නුගත් කම : මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ ලියයි

ගෝඨාභය නැමති අන්තිම බිංදුවට රට තල්ලු කරපු නායකයව තවත් පුම්බලා, මෙයා තමයි මාරම පොරක් කියලා පෙන්නන්න උත්සහ ගන්න තක්කඩි රැලක් මේ සමාජය තුළ තවමත් ඉන්නවා.

ඒ අය දැන් පෙන්නන්න හදනවා රට වහපු නිසයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ කියලා.

ඒක අමූලික පට්ටපල් බොරුවක්.

එක්කෝ උන්ට තේරෙන්නේ නෑ.නැත්තන් උන්ට මොළේ නෑ.

ලෝක වසංගතය හමුවේ සෑම රටක්ම ඒ අවස්ථාවේ වහන්න තීරණය කළේ අධික ලෙස රෝගීන් වාර්තා වීමත්,මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සහ නිශ්චිත ඖෂධයක් ඊට නොමැතිවීමත් නිසා.

ඒ නිසා ලෝකයේ මුල්‍යමය අතින් ප්‍රබල රටවල් පවා ලොක්ඩවුන් එකකට ගියා දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් ඇති වෙයි කියලා. හැමෝටම සෞඛ්‍ය පහසුම් තියෙන,හැම මිනිහෙක්ට වෙන්ටිලේටර් තියෙන,ඇති තරම් ඖෂධ නිශ්පාදනය කරන බ්‍රිතාන්‍ය,ඉතාලිය,ජර්මනිය,ඇමරිකාව,ස්පාඤ්ඤය,බ්‍රසීලය වැනි රටවල් පවා වැහුවේ තත්තවය දරන්න බැරි තරම් දරුණු වන නිසා.

ඒ රටේ නායකයෝ හිතුවේ ඒ වෙලාවේ ආර්ථික වර්ධනයට වඩා ඒ මොහොතේ වියදමට සහ ශ්‍රමයට දරන්න බැරි තරමට සෞඛ්‍ය පිරිහෙමින් තියෙන නිසා. අපේ රටේ වෙන්ලේටර් කීයද ඒ වෙනකොට තිබ්බේ,අපේ රටේ ICU ඇඳවල් කීයද තිබ්බේ එතකොට,අපේ රටේ පහසුකම් සහිත රෝහල් කීයද තිබ්බේ.

ඇති තරම් රෝහල් කාර්ය මණ්ඩල හිටියද.නෑ..සියල්ල පහළ මට්ටමක තිබ්බේ.එවැනි මොහොතක රට වහන්නම ඕන.ඒත් ගෝඨාභය කිව්වේ හිනාවෙවී “ඇහ් ඇහ්.. මට මේ සිංගප්පුරේ කරපුවා එවනවා,අරහේ කරපුවා එවනවා.

ඒත් කවුරුත් කියන්නේ නෑ මම කරපු හැටි.

මම තමයි හොඳටම කළේ ” කියලා.ඒ උද්දච්ච ප්‍රකාශයක් කළේ.

එහෙම හිනාවෙවී හිටිය ගෝඨාභය ජනාධිපතිගේ ආණ්ඩුව විසින් මේ කෝවිඩ් රෝගයට කිසිම අදාල නැති මිත්‍යාව වෙනුවෙන් පෝෂණය දුන්නා.

ඒලියන්ත වයිට්ගේ පැණි මුට්ටි අතඇරිල්ල,ධම්මික පැණිය,සුදර්ශනී පැණිය,ඒළියන්තගේ කුණ්ඩලී ශක්තිය වගේ අතේ පැලෙන කෙබර වලට පණ දෙන්න ගත්තා.

ගෝඨාභයව විශ්වාස කරපු අහිංසක මිනිස්සු පෝලිම්වල පැණි ගන්න හිටගත්තා.මේ සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් උනේ.

ඒත් මේ මිත්‍රාව විශ්වාස නොකළ සමහර මිනිස්සු රට වහනකල් සටන් කළා.අවසානයේ රට වැහුවා. දැන් රට වැහුවම ඩොලර් නැති වෙනවද? නෑ.ඒ වෙනකොට අපනයන කළාප වල අවශ්‍ය පරිදි නිශ්පාදන කටයුතු සිද්ධකරමින් ගියේ.ඒ හැම සේවකයෙක්ටම විශේෂ අවසර මත යන්න දුන්නා රැකියාවට.ඒ හැමෝම ගිහින් වැඩ කළා.

ඒත් ප්‍රදාන රටවල් ඔවුන් විසින් දාගෙන හිටිය ස්වයං ලොක්ඩවුන් එක නිසා ගුවන් ගමන්,නැව්ගමන් නවත්තලා තිබ්බේ.ඉතාම සීමිත ප්‍රමාණයෙන් අපනයනය වුණේ.

හැබැයි සැලකිය යුතු ලෙස අපනයන ආදායම වැඩිවුණා.

ඊට පස්සේ රටවල් වල ඉඳලා එන මිනිස්සුන්ගෙන් හූරාකන්න ගත්තා ඔහුගේ හිතවාදී කූට ව්‍යාපාරිකයන් මගින් නිරෝධායනය තනිකර මාෆියාවක් කළා.

ගෝඨාභය නෙමෙයි ඒ වංචාකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ. ආණ්ඩුව විසින් බරපතල විදිහට ඇති කරගත්ත ප්‍රශ්නයක් තමයි 100% සිදුකළ කාබනික පොහොර මාෆියාව.

ලෝකයම දරුණු ආර්ථික ආගාදයකට යද්දී,ආහාර හිඟයක් ඇති වෙනවා දැන දැන කාබනික වගාම ඔබ්බවන්න ගත්තා බලෙන්.

මේ නිසා හැමතැනම වගා විනාශ,වගා කිරීම් අත් හැරීම් සිදුවුණා.

අන්තිමේ හාල් මිළ අධික ලෙස ඉහළ යන්න ගත්තා.බොරුවට හිටපු ආමි ලොක්කෝ දාලා බොරු සද්ද බද්ද දැම්මට අවසානයේ ආණ්ඩුව කළේ හාල් මෝල්කාරයෝ පරද්දන්න ඩොලර් වියදම් කරලා පිටරටින් හාල් ආනයනය කරන්න ගත්ත එක.දැන් හාල් පිටරටින් ආනයනය කරන ගමන් ඉන්නේ.

ඊට පස්සේ කොහෙවත් යන කුණු පොහොර නැවක් ගෙන්නගෙන,ඒක බාරගත්තේ නෑ කියලා නිකන් ඩොලර් ගෙවන තැනට පත්වුණා.

දියර පොහොර ගෙනල්ලා එතන මහා පරිමාණ වංචාවක් වුණා.

ඒ හැමදේම ආණ්ඩුව ඩොලර් ඉතුරු කරන්න කරපු වැඩ කියලා තමයි ආණ්ඩුවේ අයම කිව්වේ. මේ සියල්ල මැද්දේ ආණ්ඩුව ප්‍රමිතියෙන් බාල ගෑස් ආනයනය කරපු නිසා නිවසක් ගානේ බරපතල පිපිරීම් වා‍ර්තා වුණා.

අන්තිමේ සියලු ගෑස් සිලින්ඩර මාරු කරන්න වුණා පරණ එකට.

මොකද ඒවා පරිභෝජනය නුසුදුසු කියලා තීරණය කරපු නිසා.අන්තිමේ නිකන් ගෑස් තොගයක් අහක ගියා නුසුදුසු නිසා. හැබැයි මේ තත්ත්වයට රට තල්ලු වෙන බව හැමෝම කිව්වා.

ඇඟිල්ලෙන් ඇණ ඇණ.නෑ ගෝඨා තියා ආණ්ඩුවවත් ගණන් ගත්තේ නෑ.

ජොනීගෙන් අහපුවම “අපිට සල්ලි තියෙනවා ” කියනවා,”අපි බංකොලොත් නෑ” කියලා රෝහිත කිව්වා.මේ සියල්ලම අමුලික පට්ටපල් බොරු.ඒත් මිනිස්සු රැවැට්ටුවා.

ඩොලරය ශක්තිමත් වෙන අවදානම වැඩි නිසා හැමෝම දැනගත්තා මේ අධික ලෙස මුදල් මුද්‍රණය බරපතල අවුලක් කියලා.ඒ නිසා රුපියල පාවෙන්න ගනී කියලා.නෑ “මුදල් අච්චු ගහපුවම උද්දමනය ඉහළ යන්නේ නෑ” කියලා මහ බැංකු අධිපති පවා කිව්වා.

අන්තිමේ ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටුණා,කළු කඩ ප්‍රබල වුණා.ඩොලර් බැංකු මග හැරලා කළුකඩ හරහා සංචරණය වුණා.

හැබැයි ගෝඨාභය ජනාධිපති මෙලෝ හසරක් දැනන් හිටියේ නෑ. මේ සියලු බරපතල අවුල මැද්දේ නිළදාරියෝ දහස් ගණන් දාගෙන,වාහන වලින්,තැන් හදාගෙන ගියා ගම සමඟ පිළිසඳරක් කරන්න.

සම්පුර්ණයෙන් සල්ලි විනාසයක්.ජනාධිපති දැක දැක ඒ දේ කළේ.කිසිම ප්‍රතිපලයක් වුණේ නෑ.ඒත් හැමතැනම ගියා. මේ සියල්ල සිදුකළේ ගෝඨාභය ඇතුළු ආණ්ඩුව කිසිම විදිහකින් දුරදිග බලලා නෙමෙයි.

අඩුම තරමේ කිසිම ආර්ථික සැලසුමක් තිබ්බේ නෑ.තිබ්බේ ඉක්මනින් ණය වාරික ගෙවීමේ අරමුණ විතරයි. ඩොලරය අත් අරින්න,IMF එකට යන්න,මුදල් අච්චු ගහන එක නවත්තන්න වගේ බොහෝ කරුණු කිව්වත් ඒ කිසිදෙයක් කළේ නෑ.

බැසිල් රාජපක්ෂ මහා හයියෙන් සෑම අංශයකට මිලියන ගාණකින් මුදල් වෙන් කළත් ඒ වියදම් කරන මුදල් එන හැටි හෝ එක ඩොලරයක් ප්‍රායෝගිකව රටට ගන්න හැටි කිව්වේ නෑ.

අයවැය පරතරය බිලියන 1628ක්.2022 අයවැය වියදම රුපියල් බිලියන 3912 ක්,අපේක්ෂිත ආදායම 2284ක්.

ඔන්න ඔහොමයි ගෝඨාභයගේ ආණ්ඩුව මේ කෙලියට ලෑස්ති වුණේ. තව පුළුවන් කියන්න.ඒත් කියලා වැඩක් නෑ.මොකද උද්දච්චකම සහ පවුල් ගහ නඩත්තුව හමුවේ ගෝඨාභය හිරවෙලා ඉවරයි.රටේ ජනාධිපති වුණත් තමන්ගේ වචනයට වටිනාකම මකාගත්ත මිනිහෙක්.

හොඳම උදාහරණය ගැසට්.ඒ නිසා මේ ඩොලර් නැතිවුණේ රටවහපු නිසා නෙමෙයි දුර්වල පරිපාලනය නිසා,දුරනොදැක්ක නිසා.අවසානයේ ඉරණමට ගොදුරු වුණේ මේ රටේ අහිංසක මිනිස්සු.

ඒ පව් ගෙවන ගමන් තවත් උන්ට කඩේ යන උන් ඉන්නවා කියන්නෙම උන්ගේ තියෙන නූගත්කම. ඒකට කරන්න දෙයක් නෑ.

© ගයාන් ගාල්ලගේ – මාධ්‍යවේදී

About The Author